හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලැබුවා.
කිලිනොච්චියේ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු වෑන් රථයක් සහ කොළඹ සිට හලාවත දක්වා ධාවනය කළ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. තුවාල ලැබූවන් හලාවත මහ රෝහලට ඇතුළත් කෙරුණා. අනතුර සිදුවනවාත් සමග එක් වෑන් රථයක් මාර්ගයේ පෙරළීමට ලක් වුණා. ඒ හේතුවෙන් අධික වාහන තදබදයක් ද ඇති වූ බවයි වාර්තා වුණේ.
මේ අතර පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගත්තා. වටවල ප්‍රදේශයේදී යතුරුපැදිකරුවන් නතර කිරීමට පොලීසිය උත්සාහ දැරුවා. එහෙත් එම අණ නොතකා පොලිස් නිලධාරියෙකුට ද තුවාල සිදුකර යතුරුපැදිකරුවන් ධාවනය කර තිබෙනවා. එහිදී එම සැකකරුවන් හතර දෙනා සහ යතුරුපැදි පොලිස් භාරයට ගැනුණා. ඔවුන් හැටන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Post a Comment