Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි  

Add comments

නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලා විදේශ ගමන් බලපත්‍ර 45 ක් සොයා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් කටයුතු කළා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව මෙම විදේශ රැකියා නියෝජිත ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ අනුරාධපුර නව නගරය ප්‍රදේශයේයි. කාන්තාවක පවත්වාගෙන ගිය මෙම විදේශ රැකියා නියෝජිත ආයතනය විමර්ශන නිලධාරීන් වැටලීමට ලක් කළා. එහිදී විදෙස් ගමන් බලපත්‍ර 45 ක් සොයා ගත් බව එම නිලධාරීන් ප්‍රකාශ කළා. පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය සහතික, රැකියා වීසා බලපත්‍ර ආදී ලිපි ලේඛන රැසක් ද විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකාරිය මීට පෙර ද ගලේවෙල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි අක්‍රමිකතා හේතුවෙන් එහි බලපත්‍රය අවලංගු කර ඇති බවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG