මහබැංකු බැදුම්කර වංචාවට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්ට් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා සිංගප්පූරුවට යෑමට කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
එහෙත් ලබන 13 වනදා සිට 20 වනදා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට අවසර ලබා දුන්නා. ජෙෆ්රි ඇලෝසියස් යනු මහබැංකු බැදුම්කර නඩුවේ සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ගේ පියායි. ඔහුට සිංගප්පූරුවට යාමට කළ ඉල්ලීම තහවුරු කිරීමට ලේඛණ නොමැති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට විරෝධය පල කළා. අදාළ ලේඛණ සමග එම ඉල්ලීම ලබන 25 වනදා තහවුරු කරන ලෙස අධිකරණය ජෙෆ්රි ඇලෝසියස් මහතාගේ නීතීඥවරුන්ට උපදෙස් ලබා දුන්නා.
Post a Comment