ශ්‍රීපාද වන්දනාව සදහා පසුගිය දින කිහිපයේ ලක්ෂ තුනකට වැඩි පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසිය පවසනවා.
වන්දනාකරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමටයි පියවර ගෙන තිබෙන්නේ. පසුගිය සති අන්තයේ එළඹුනු දීර්ඝ නිවාඩුවත් සමග අති විශාල පිරිසක් සිරිපා වන්දනාවට සහභාගී වුණා. නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් වන්දනාකරුවන් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසක් පැමිණි බවයි නල්ලතන්නිය පොලීසිය පවසන්නේ. වන්දනාකරුවන් පැමිණි බස් රථ නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ දුරට නවතා තිබු ආකාරය දැකගත හැකි වුණා. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි තදබදයක්ද ඇතිවීමත් සමග වන්දනාකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටියා. සෑම වසරකම මෙවැනි දීර්ඝ නිවාඩුවත් සමග ශ්‍රී පාද වන්දනාකරුවන් වැඩි වශයෙන් පැමිණීම වාර්තා වනවා.
Post a Comment