ෆේස්බුක් හරහා සංවිධාන කෙරෙන සියලුම සාද දැඩි පරික්ෂාවට ලක් කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධ උපදෙස් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ෆේස්බුක් හරහා සංවිධාන කරන බොහෝ සාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන බවට හෙලිව තිබෙනවා. එම සාදවලට පැමිණෙන අයට මත්ද්‍රව්‍ය අලෙවි කෙරෙන බවද සදහන්. මේ පිලිබද සැලකිල්ලට ගනිමිනුයි අදාළ සාද දැඩි පරික්ෂාවට ලක් කිරීමට පොලිසීය තීරණය කර ඇත්තේ. විෂ මත්ද්‍රව්‍ය අලෙවිය හා වෙනත් නීතිවිරෝධි කටයුතු සිදු වන්නේ නම් අදාළ සාද සංවිධායකයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා
Post a Comment