Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක නායකයන්ගෙනුත් ජාතික දිනයට සුබපැතුම්  

Add comments

71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයන්ද ජනාධිපතිතුමා වෙත සුබපැතුම් එක් කර තිබෙනවා. එලිසබත් මහ රැජිනද ඒ  අතර වනවා.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජින විශේෂ සුබපැතුම්  පණිවුඩයක් යොමුකරමින් කියා සිටින්නේ 71 වන ජාතික දිනය සමරන සියලු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බවයි. ශ්‍රී ලංකා ජනතාවට සුබපැතුම් එක්කිරීමට අවස්ථාවක් ලැබීම පිලිබදවද මහරැජින සිය බලවත් සතුට පල කරනවා.

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් මහතාද 71 වන ජාතික සැමරුම වෙනුවෙන් සුබපැතුම් එක්කරනවා. ජනාධිපතිතුමා වෙත සුබපැතුම් පණිවිඩක් නිකුත් කරමින් රුසියා ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර අනෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රත්වය ඉදිරියටත් නොසැලී පවතින බවයි.  ජනතා අරමුණු මල්පල ගැන්වීම වෙනුවෙන්  දෙරට අතර ගොඩනැගී ඇති ද්වීපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන බවටද රුසියා ජනාධිපතිවරයා විශ්වාසය පල කරනවා.,

මේ අතර ඉන්දීය ජනාධිපති රාම්නාත් කොවින්ද් මහතාද 71 වන ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරනවා. සියලු සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පල කරන ඉන්දීය ජනාධිපතිවරයා සිය ආදරණීය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිලිවෙලට සුබපැතුම් එක්කරන බවද ප්‍රකාශ කරනවා. අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ඓතිහාසික නොබිදෙන සබදතාවක්. එම සබදතා ඉදිරියේදී වඩා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත්ව වර්දනය වන බවද ඉන්දීය ජනාධිපතිවරයා  සිය සුබපැතුම් පණිවුඩියේ වැඩිදුරටත් සදහන් කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG