සතිඅන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ වන්දනාකරුවන් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසක් ශ්‍රී‍්‍රපාද භූමියට පැමිණ තිබෙනවා.
ඒ නල්ලතන්නිය ශ්‍රී‍්‍රපාද මාර්ගයෙන්. ගඟුලතැන්නේ සිට ශ්‍රී‍්‍රපාද මළුව දක්වා පසුගිය සෙනසුරාදා අලුයම ඇතිවූ තදබදයෙන් වන්දනාකරුවන් හයදහසකට වැඩි පිරිසකට ශ්‍රී‍්‍රපාද මළුවට ගමන් කිරිමට නොහැකිවූ බවයි නල්ලතන්නිය පොලීසිය පවසන්නේ. මාර්ගයේ එකම ස්ථානයේ පැය ගණනක් රැඳීසිටීමට ඔවුන්ට සිදුවුණා. අධිබල ශක්ති විකාශන සේවාව මගින් වන්දනාකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. නල්ලතන්නිය මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර 6 ක් පමණ රථ වාහන ගාල්කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

Post a Comment