පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ප‍්‍රදේශයේදී අතුරුදන්වූ දැරියගේ මව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා.
දැරියගේ මිත්තනිය සහ සීයා බව පැවසෙන පුද්ගලයා ප‍්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර තිබෙනවා. පසුගිය 29 වෙනිදා අතුරුදන්වූ දැරිය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළා. දැරියගේ මව සිදුකළ පරස්පර විරෝධී ප‍්‍රකාශ නිසා සැකපිට දිගින් දිගටම ඇයගෙන් ප‍්‍රශ්න කළ බවයි පොලීසිය පැවසුවේ. දැරියට පහරදී කලාවැවට දැමූ බව ඇය අවසානයේ පාපොච්චාරණය කර තිබෙනවා. නාවික සහ පොලිස් කිමිඳුම්කරුවන් අද (04) උදෑසන අටේ සිට කලාඔයේ මෙහෙයුම් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
Post a Comment