අළුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 6 සහ 7 දෙදින පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන්නේ අනුරාධපුර ජය ශ‍්‍රී මහ බෝ සමිදුන් අභියසදී. මෙරට ගොවි ජනතාව නෙළාගත් මහ කන්නයේ අස්වැන්නේ අග‍්‍රඑලය බුදුන් වහන්සේට පූජා කිරිමයි එහිදී සිදුවන්නේ. මේ පිළිබඳ මුලික සාකච්ඡාවක් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙවර අළුත් සහල් මංගල්‍යය සඳහා විවිධ දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි සංස්කෘතිකාංග එක්කිරිමට ද සැලසුම් කර තිබෙනවා.
Post a Comment