මුහුණු පොත මගින් විවිධ ආකාරයේ සාද සංවිධාන කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බව පොලීසිය අවධාරණය කළා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.
හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ පසුගිය දිනක පැවැති එම සාදයක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ද කි‍්‍රයාත්මක කළා. විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය එහිදී සොයාගෙන තිබෙනවා. එම සාදයට එක්ව සිටි 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් 4 දෙනෙකු ද රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.
Post a Comment