මෙවර මාස් කන්නයේ මහවැලි ව්‍යාපාරයේ වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා.
පසුගිය වසර කිහිපයේදී අයහපත් කාලගුණය හේතුවෙන් වී වගාවට බලපෑම් එල්ල වුණා. මෙවර මාස් කන්නයේ නිසි කලට වැසි ලැබීමත් සමග ගොවීන් මහවැලි කලාපයේ වැඩි වශයෙන් වී වගා කිරීමට කටයුතු කළා. එම වී වගාවේ අස්වැන්න නෙළීම මේ දිනවල ආරම්භකර තිබෙනවා. වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බවයි මහවැලි අධිකාරිය පවසන්නේ. හෙක්ටාරයකට වී බුසල් 300 ත් 350 ත් අතර අස්වැන්නක් මෙසේ ලැබෙමින් පවතින බවද එම අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Post a Comment