Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලිඅත්තේ කිඹුලා වනජීවී නිලධාරීන්ට භාර දෙයි  

Add comments

බෙලිඅත්ත, වැව්දත්ත ප්‍රදේශයේ ජනතාව බියට පත්කළ දැවැන්ත කිඹුලා අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.

අඩි 8 ක් පමණ දිගින් යුත් මෙම කිඹුලා වැව්දත්ත වැවේ ජීවත් වෙමින් අවට ප්‍රදේශයේ සුනඛයින්,ගවයින් ඇතුළු බොහෝ සතුන් ආහාරයට ගැනීමට පුරුදුවී සිටියා. නිවෙස් අසලටද කිඹුලා පැමිණීම හේතුවෙන් ජනතාව බියෙන් පසුවුණා. කෙසේවුවද ඊයේ රාත්‍රියේ මෙම කිඹුලා අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කළේ. එම සත්ත්වයා ආරක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමටයි කටයුතු කෙරුණේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG