වැලිකඩ බන්ධනාගාරයේදී රැදවුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කලේ. සැකකරු ඇප මත මුදාහරින ලෙස අභියචනාධිකරණයේ මේ වන විට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප මත මුදා හැර තිබෙනවා.සිද්ධියට අදාළ වැඩි දුර පරීක්ෂණ සිදු කරන බව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
)
Post a Comment