Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් තවදුරටත්  

Add comments

උතුරු කොරියාව න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් තවදුරටත් සිදු කරන බව නවතම රහසිගත වාර්තාවකින් හෙලිවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සම්බාධක නිරීක්ෂකයින් පිරිසක් සිදු කළ රහසිගත සොයා බැලීමකදී මේ බව හෙලිවුණා. එම වාර්තාව සකස් කළේ 15 දෙනෙකුගෙන් යුත් කමිටුවක්. වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ උතුරු කොරියාව න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන තවදුරත් වර්ධනය කරන බවයි. එම මිසයිල  විනාශ කිරීමට නොහැකි වන පරිදි සිදු කරන බවයි එම වාර්තාව හෙළි කරන්නේ. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන හමුවට සූදානමින් සිටිනවා. එම අවස්ථාවේදී මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

 

 

.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG