රුහුණු පුරවරය මෙරට ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් කරන බවත් රජය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවන්නේ ජනතාවට ප්‍රයෝජනවත් වන අයුරින් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
හම්බන්තොට වරායේ ඉදිකෙරුනු ලාෆ්ස් එල්පී ගෑස්, අන්තර් නැව්ගත කිරීමේ පර්යන්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. මෙම අතිනවීන එල්. පී. ගෑස් අන්තර් නැව්ගත කිරීමේ පර්යන්තය දකුණු ආසියාවේ විශාලතම එල් පීගෑස් අන්තර් නැව්ගත කිරීමේ පර්යන්තයයි. නව රැකියා අවස්ථා රැසක් උදාකරන මෙමගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීම අපේක්ෂාවයි.
එහි කටයුතු නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන් සමඟ සුහද කතාබහක ද නිරත වුණා. මෙහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කර ගැනිමටයි එම නිලධාරීන් කටයුතු කළේ.
මේ අතර හම්බන්තොට වරායේ කටයුතු ද සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඊට අමාත්‍ය සාගල රත්නායක සහ වරාය අධිකාරියේ සභාපති කාමන් රත්නායක යන මහත්වරුන්ද එක්ව සිටියා. වරායේ කටයුතුවල ප්‍රගතිය පිලිබද
මෙහිදී සේවකයින් අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළා. මෙම වසරේ දී සැලසුම් කර ඇති ඉන්දන සැපයුම් හා නාවික කටයුතු පිළිබව ද අග්‍රාමාත්‍යවරයා දැනුවත් කෙරුණා. හම්බන්තොට වරාය ලබා ඇති ප්‍රගතිය පිළිබද සතුට පළකල අග්‍රාමාත්‍යවරයා මේ තුළ තරුණ තරුණියන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා උදාකර දීමට හැකියාව ඇති බවද පෙන්වා දුන්නා.
යොවුන් පුරය ජාතික වැඩසටහනට සමගාමීව තිස්සමහාරාම වීරවිල ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වුනේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 3500ක වියදමකින් ඉදිකෙරෙන ක්‍රීඩා සංකීර්ණයට මීටර් 400ක කෘත්‍රීම ධාවනව පථයක් ද ඇතුලත්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment