Apr
29
හදිසි තත්ත්වයකදී ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක් අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් වෙත කඩිනමින් ලබාදීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අම්පාර මහ රෝහල, කල්මුනේ උතුර මූලික රෝහල හා කල්මුනේ අෂ්රොෆ් මූලික රෝහල මෙන්ම ප්‍රාදේශීය ඖෂධ ගබඩා වෙත මෙම ඖෂධ හා උපකරණ ලබා දී තිබෙනවා. සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණඩලද ප්‍රතිකාර සේවාවන් සදහා සීරුවෙන් තබා ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරනවා.
Post a Comment