Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆොනී 30 ක් මරයි  

Add comments

ඉන්දියාවේ පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමි කළ ෆොනී සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුල් වී තිබෙනවා. ඉන්දීය උප මහද්වීපයට වසර 5කට පසුව බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන ෆොනී සුළි කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ලවුණේ ඉන්දියාවේ දරිද්‍රතාවෙන්  වැඩි ප්‍රාන්තයක් වන ඔඩීෂා ප්‍රාන්තයටයි. බංග්ලාදේශයට සුළු කුණාටුව ඇතුළුවීමත් සමග ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මිය ගිය සංඛ්‍යාව 30 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. බංග්ලාදේශයේ පමණක් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාරතා වන්නේ.  බංග්ලාදේශයේ නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් සුළි කුණාටුවෙන් විනාශ වුණා. බංග්ලාදේශයේ මුහුදුබඩ ප්‍රදේශවලින් පුද්ගලයින් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. පැයට කිලෝමීටර 70 ක වේගයෙන් ෆොනී සුළි කුණාටුව බංග්ලාදේශය හරහා ගමන් කරමින් පවතින බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.  සුළි කුණාටුව ඇතුළුවීමත් සමග බංග්ලාදේශයේ ප්‍රදේශ රැසක නායයාම් / ධාරාණිපාත වර්ෂා හා ගංවතුර තත්ත්වයන් ඇතිවී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG