පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් විශේෂ ඉරුදින දේවමෙහෙයක් කොළඹ අගරදගුරු නිලනිවසේදී අද උදෑසන පැවැත්වුණා. ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනන්ගේ ප්‍රධානත්වයෙන්.
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සියළු දේවස්ථානවල දේව මෙහෙයන් නතර කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනන් ඉල්ලීමක් කර තිබුණා. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි මෙම තිරණය ගෙන තිබුණේ. ඉරුදින දේව මෙහෙය අයිටිඑන් ඔස්සේ සජිවි ලෙස විකාශය කෙරුණා. සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම මෙම දේව මෙහෙය පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.
මේ අතර හලාවත, වෙන්නප්පුව සහ මාරවිල යන ප්‍රදේශවල කතෝලික දේවස්ථාන වල උදෑසන දේවමෙහෙය පැවැත්වුනා. හලාවත ශාන්ත ජුඩ් දේවස්ථානයේ උදැසන දේවමෙහෙය පැවැත්වුණේ මීසම් භාර දිනෙෂ් සෝවිස් පියතුමාගේ ප්‍රධානත්වයෙනුයි. සෑම කතෝලික දේවස්ථානයකටම පොලිස් සහ හමුදා ආරක්ෂාව සපයා තිබුණා.
Post a Comment