රුසියාවේ මොස්කව් ගුවන්තොටුපලේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසු එහි කාර්මික දෝෂයක් හේතුවෙන් එය යළි ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදීයී යානය ගිනිගැනීමට ලක්ව තිබෙන්නේ. සුකෝහි සුපර්ජෙට් 100 වර්ගයට අයත් ගුවන්යානයක් මෙසේ අනතුරට ලක් වුණා. එම අවස්ථාවේ යානයේ ගුවන් මගීන් 73 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සිට තිබෙනවා.
Post a Comment