ඉන්දියාවට බලපෑ ෆොනී සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 160 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පැයට කිලෝමීටර් 200 ක වේගයෙන් හමා ආ ෆොනී සුළි කුණාටුවෙන් ඔඩිස්සා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වුණා. අද උදෑසන එම සුළි කුණාටුව බටහිර බෙංගාල ප්‍රාන්තයට ළගා වූ බවයි ඉන්දීය වාර්තා සදහන් කරන්නේ. ගස් කඩාවැටීම හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා. ඔඩිස්සා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ද විදුලිය ඇනහිට තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ විපතට පත් ජනතාවට සහන සැළසීම සදහා ඉන්දීය රුපියල් කෝටි දහසක මුදලක් වෙන්කර ඇති බවයි.
Post a Comment