සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පාසල් කිහිපයක ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කොළඹ ආනන්ද විද්‍යාලය වෙත පැමිණි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාසලේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විමසා බැලුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, මරදාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා 14 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
මේ අතර කිරුළපන කුමර උදයම් විද්‍යාලය වෙත ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැමිණියා. එම පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදි විමසා බැලුවා. ශ්‍රී ලංකා යුද හමුදා 142 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment