විශ්ව විද්‍යාල විවෘත කිරිම ආරක්ෂක අංශ තහවුරු කිරීමකින් පසු සිදුකරන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
ආරක්ෂක අංශ විශ්්ව විද්‍යාල පරික්ෂා කිරිමෙන් පසු එහි තත්වය සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්දීමටයි නියමිත. ඉන්පසු එක් එක් උපකුලපතිවරුන්ට සිය විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ දින තිීන්දු කළ හැකි බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන්ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන බදාදා (08) සිට ආරම්භ කරන බව වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසනවා. ඒ අනුව මානව ශාස්ත‍්‍ර හා සාමාජිය විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ලබන බදාදා(08) ආරම්භ කරන අතර සිසුන්ට අඟහරුවාදා (07) නේවාසිකාගාර වෙත පැමිණිය හැකියි.
ඉංජිනේරු පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු මැයි 13 වනදා ආරම්භ කරනවා. එම පීඨ සිසුන්ට මැයි 11 වනදා සිට නේවාසිකාගාර විවෘත බවයි උපකුලපතිවරයා පවසන්නේ. ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ මැයි 20 වනදා. මැයි 18 වනදා සිට එම සිසුන්ට නේවාසිකාගාර ලබාදීමයි සැලසුම.
Post a Comment