Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ සියලු පාසල්වල අධ්‍යන කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි  

Add comments

දිවයින පුරා පාසල් වල අධ්‍යන කටයුතු හෙට(13) සිට ආරම්භ කෙරෙනවා. හය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු ආරම්භ වුණේ පසුගිය 6 වනදා.

ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රාථමික ශේණිවල අධ්‍යන කටයුතු කල් දැමීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කලේ .

ඒ අනූව රජයේ සියලු පාසල්ල‍ෙ සියලු ශ්‍රේණ්වල අධ්‍යන කටයුතු හෙට(13) සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා ප‍්‍රකාශ කළා.

මේ අතර පාසල් ආරම්භයත් සමඟ භෙට සිට සිසු සැරිය බස් රථ 750ම ධාවනයට සුදානම් බවයි ලංකා ගමනාගමන ම්නඩලයේ ප‍්‍රවාහන මෙහෙයුම් අධිකාරි නිහාල් හිදැල්ලආරච්චි මහතා ප්‍රකාශ කළේ.

පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු සියලු දහම් පාසල් කටයුතු ද අද (12) යළි ආරම්භ වුණා. විහාරස්ථානවල ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා හරහා සියලු විහාරස්ථාන දැනුවත් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG