රට තුළ ජිහාඩ් ත්‍රස්තවාදය මර්දනය කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහතික වුණා. ඒ කොළඹ දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
ආරක්ෂක අංශ, විශ්වවිද්‍යාල මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම හමුවට එක්වුණා. රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණිනුයි රැස්වීම කැඳවා තිබුණේ.
රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ. රට පුරා ආරක්ෂක මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ලබන සඳුදා රජයේ පාසල් ආරම්භ වීමට නියමිත බැවින් පොලිස් ආරක්ෂාව ඒ සඳහා උපරිම වශයෙන් ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු වීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළා.
සති අන්තයේ පැවැත්වෙන ආගමික වැඩසටහන් සඳහා උපරිම ආරක්ෂාව සලසන ලෙසයි අග්‍රාමාත්‍යවරයා පොලීසියට දැනුම් දුන්නේ. පොලීසිය ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙළ සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද ආගමික ආයතනවලින් ඒ මහතා ඉල්ලීමක් කළා. වන්දි ගෙවීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දෙනු ලැබුවේ. විශ්වවිද්‍යාල බලධාරීන් මෙහිදී කියාසිටියේ සිය විශ්වවිද්‍යාල සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවයි. ඒ සඳහා පෞද්ගලික ආරක්ෂක අංශ කුළී පදනම මත ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරුණා.
Post a Comment