ඩෙටනේටර් 89 ක් ඇතුලු බෝම්බ පුපුරවන උපකරණ සමග මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා.
ඒ පුල්මුඩේ ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකින්. මෙම ඩෙටනේටර් සහ උපකරණ සොයාගත් නිවසේ හිමිකරු මේවන විට පලාගොස් ඇති අතර, ඔහු පුල්මුඩේ රෝහලේ ආරක්ෂකයෙකු වශයෙන් සේවය කරන බවටයි තොරතුරු හෙළිවුණේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ සොහොයුරායි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත ප්රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්රියාවට නැංවෙනවා.
62 වන සේනාංකයේ 622 වන බල සේනාවේ විසිවන ගජබා රෙජිමේන්තු සෙබලුන්, පොලිසියේ සහ නාවික හමුදාවේද සහාය ඇතිවයි මෙහෙයුම ආරම්භ කළේ.
Post a Comment