තායිලන්තයේ මහවජිරලෝන්කෝන් රජු සිය පෞද්ගලික ආරක්ෂක අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී ජෙනරාල් සුතීදා වජිරලෝන්කෝන් නාඅයෝද්‍යා සමග විවාහ වුණා.
ඇය තායි රැජිණ බවට මහවජිරලෝන්කෝන් රජු රාජකීය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. මෙය ආශ්චර්යමත් ප‍්‍රකාශයක් බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ. සූතිදා රැජිණ 2014 වසරේදී රජුගේ පෞද්ගලික ආරක්ෂක අංශයට එක්වීමට පෙර කටයුතු කර ඇත්තේ තායි එයාර්වේස් ගුවන් සේවයේ. පසුව 2016 වසරේදී තායි රජු ඇයට ජෙනරාල් තනතුර පිරිනැමුවා.
66 හැවිරිදි තායි රජු 2016 වසරේ සිය පියාගේ මරණයෙන් පසු රාජ්‍යත්වයට පත්වුණා. ඔහු මීට පෙර අවස්ථා තුනකදී විවාහ වී ඇති අතර දරුවන් හත් දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
Post a Comment