පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මහසෙන් රජතුමාගේ පිළිරුවක් විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පළමුව මින්නේරිය දේවාලය වෙත ගොස් වන්දනා කටයුතුවලට සහභාගී වුනා. අනතුරුව මින්නේරිය වැව් බැම්ම මත ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මින්නේරි දෙවියන් හෙවත් මහසෙන් රජතුමාගේ ප්‍රතිමාව විවෘත කිරීමට ජනාධිපතිතුමා එක්වුණා. මින්නේරිය ව්‍යාපාරය ගොඩනැගීම සදහා පාදකවූ මින්නේරිය වැව කරවූ රජු ලෙස සැලකෙන්නේ මහසෙන් රජතුමායි. ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment