Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය හා අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය  

Add comments

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය හා අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ ශිෂ්ටාචාරයන්ගේ සන්ධානයේ ප්‍රධාන නියෝජිත මිගෙල් මොරිටිනෝස්  මහතා පවසනවා.

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අවස්ථාවේදීයී ඒ මහතා මේ බව සදහන් කළේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එක්සත් ජාතීන්ගේ ඉහළ පෙ‍ළේ නිලධාරියකු ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා හමු වූ ප්‍රධාන නියෝජිතවරයා ශ්‍රී ලංකාව සමඟ නිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය රැදී සිටින බව කියා සිටියා.  ජනාධිපතිතුමා සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කර සිටින බවයි.  ශ්‍රී ලංකාව තුළ එකමුතු බව සහ සමාජ ඒකාග්‍රතාව ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව මොරිටිනෝස් මහතා ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළා. ප්‍රධාන නියෝජිතයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මුණගැසුණා. ආගමික නායකන්ගේ ආදර්ශවත් ක්‍රියා කලාපය පිළිබඳව ඔහු දැඩි ප්‍රසාදයක් පල කරසිටියා. සංචාරය අතර තුරදී මොරිටිනෝස් මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන් සහ ආගමික නියෝජිතයන්ද මුණගැසුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG