අයිඑස් ත්රස්ත සංවිධානයේ කි්රයාකාරකම් ඇතුලත් සංයුක්ත තැටි ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු දින තිහක් රඳවාගෙන ප්රශ්න කිරිමට අධිකරණය අද (03) පොලිසියට අවසර දුන්නා.
ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි. වෙරළබඩ පොලිසියයි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ දහයක චෙක්පත් ද තිබු බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම සැකකරුගේ බැංකු ගිණුම් හරහා විශාල මුදලක් හුවමාරු වී ඇති බවද පරීක්ෂණ වලින් හෙලිව තිබෙනවා.
Post a Comment