ඖෂධ මිලදී ගත් පසු ඖෂධ අලෙවිසැල්වලින් පාරිභෝගිකයන්ට බිල්පත් නිකුත් කිරිම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
පාරිභෝගික අධිකාරි පනතේ ඊට අදාල නීති ගැසට් කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව පනතට ද ඒවා ඇතුලත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඇතැම් ඖෂධ අලෙවිසැල්වලින් ඖෂධ මිලදී ගත්තද බිල්පත් නිකුත් නොකරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී සියලු ඖෂධ අලෙවි සැල් පරික්ෂා කරන බවයි රාජිත සේනාරත්න මහතා සදහන් කළේ.
Post a Comment