කේරළයේ පාසල් සිසුවියන්ට බුර්කාව තහනම් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.
2019 – 2020 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් පාසල් වලට ඇතුළුවන කිසිදු සිසුවියකට මුහුණ ආවරණය කළ නොහැකි බවයි අධ්‍යාපන ආයතන ප්‍රධානීන් දැනුම් දෙන්නෙ. ඒ සඳහා චක්‍රලේඛයක් ද නිකුත් කෙරුණා.
මුස්ලිම් කාන්තාවන් භාවිත කරන බුර්කාව සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරය තුළ කතාබහක් හටගෙන තිබෙනවා. ඒ පිළිබද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වුණේ. ඉන්දියාවේ ශිවසේනා පක්ෂය ද මෙම ඉල්ලිම අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකර ඇත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරය පෙන්වා දෙමින්.
Post a Comment