Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනපති පවසයි  

Add comments

කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී සඳහන් කළේ අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූයේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරමින් සිටින අවස්ථාවක බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.

විධිමත් හා ප්‍රායෝගික සැලසුම් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබා දුන්නා. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බාලවයස්කාර තරුණයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් සමග එකට රඳවා තැබීම සිදු නොකළ යුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රටට එරෙහි සියලු අභියෝග පරාජය කළ යුතු බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG