Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට කොළඹ පාසල් අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්  

Add comments

කොළඹ පාසල් අවට හෙට(5) දින සෝදිසි කිරීමේ මෙහෙයුමක් සිදු කරන බවත් හෙට(05) දවල් 1.00න් පසුව කොළඹ පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පාසල් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර අවසන්. ඒ සම්බන්ධව පොලිස්  මූලස්ථානයේ පොලිස් ස්ථාන වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. පාසල් ආශ්‍රිතව කමිටු සකස් කරගෙන ඒ ඒ පොලිස් කොට්ඨාශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. පාසල්  අවට පරික්ෂා කිරීමේ කටයුතු සිදු වෙනවා.

කොළඹ පාසල් සඳහා හෙට (05) දින පාසල් අවට සෝදිසි කිරීමේ මෙහෙයුමක් සිදු කරනවා. හෙට(05) පසල් අවට පරික්ෂා  කරන බැවින් හෙට(05) දවල් 1.00න් පසුව කොළඹ පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න කියලා දැනුම්  දෙනවා. මෙය සෑම පාසලකට අදාළ වෙනවා.පාසලාරම්භ කිරීමෙන් පසුව වාහන නවතා තැබීමෙන් වළකින ලෙස ද ඉල්ලා  සිටිනවා. පාසල් අවට රථගාලක් සකස් කර තිබෙනවා, පාසල් වාහන නවත්වා තැබිම සඳහා.එහි විස්තර ඉදිරියේ දී මාධ්‍ය හරහා ලබාදෙනවා යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG