Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතානායකවරයා බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබුවන්ගේ සුවදුක් විමසයි  

Add comments

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නන්ගේ සුවදුක් විමසා බැලීමට කතානායක කරූ ජයසූරිය මහතා කටයුතු කළා.

බෝම්බ ප්‍රහාරවලින්  තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පිරිසගේ සුවදුක් විමසා බැලීමට කතානායකවරයා එක්වුණා. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීම සිදු වන බවයි රෝහල් බලධාරීන්  මෙහිදී  සදහන් කළේ.

ඉන් අනතුරුව රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය කතානායක කරූ ජයසූරිය මහතා බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා එහි තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින දරුවන්ගේ සුවදුක්ද විමසා බැලුවා.  දරුවන්ගේ ඥාතීන් සමග  කතානායකවරයා සුහද කතාබහක ද නිරත වූණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG