ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් 2020 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භකර තිබෙනවා.
ෆ්ලොරීඩා ප්රාන්තයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සදහන් කළේ වත්මන් ආණ්ඩුව තවත් වසර 4 ක් සදහා තබාගන්නා ලෙසයි. ප්රජාතන්ත්රවාදී දේශපාලන කණ්ඩායම් රට විනාශ කරන බවද ඔහු එහිදී චෝදනා කළා. අස්ථාවරව පැවති රට තම පාලන කාලයේ දී ස්ථාවර තත්ත්වයට ගෙන ආ බවද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම ප්රකාශය සම්බන්ධයෙන් ඩිමොක්රටික් පක්ෂ නායකයින් සදහන් කරන්නේ තම රටේ අවසානය මෙය බවයි. ඊයේ පැවති රැළිය සදහා උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ධවල මන්දිරයේ ප්රධානීන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.
The post ට්රම්ප් 2020 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු අරඹයි appeared first on ITN News.
Post a Comment