ණය බරින් මිදීමට නම් රටේ නිෂ්පාදන වැඩි කිරීමෙන් මිස බැන වැදීමෙන් ඵලක් නොවන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් හාරදහස් පන්සියයකට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
දිවයින පුරා සමෘද්ධි හිමිකම් ලක්ෂ හයක් ලබාදීමේ වැඩපිළිවෙළට සමගාමීවයි මොණරාගල දිස්ත්‍රික්කයේ වැඩසටහන අද (14) ක්‍රියාත්මක වුණේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල ක්‍රීඩා පිටියේ පැවති උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී අමාත්‍යවරයා අතින් සංකේතාත්මකව හිමිකම් පත් ප්රදානය කෙරුණා. මුල් අදියරේදී පවුල් දොළොස් දහසකට සමෘද්ධි ලබාදෙන අතර දෙවන අදියරේදී තවත් පවුල් දොළොස් දහස් හත්සියයකට ලබාදීමට නියමිතයි.
The post තවත් 4500කට සමෘද්ධි appeared first on ITN News.
Post a Comment