හඳුනා නොගත් රිය අනතුරු වලින් මියගිය අයගේ පවුල් වලට සහ ආබාධිත වූවන් සඳහා ලබාදෙන වන්දි මුදල් වැඩිකරන බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළා.
රිය අනතුරු සිදුකර පලායාමෙන් පසු ඔවුන් හඳුනා ගැනිමේ අපහසුතාව නිසා පීඩාවට පත්වන පවුල් වෙනුවෙන් වන්දි ලබාදීමටයි රජය කටයුතු කරන්නෙ. ඒ අනුව දැනට ලබාදෙන වන්දි මුදල් වැඩි කිරිමට ඉදිරියේදි කටයුතු කරන බව අර්ජුන රණතුංග මහතා සඳහන් කළා. ඒ හඳුනා නොගත් අනතුරු වලින් මියගිය අයගේ පවුල්වල සහ ආබාධිත වූ 27 දෙනෙකු සදහා වන්දි මුදල් ලබාදිමේ උත්සවයට එක්වෙමින්.
මෙහිදි රුපියල් ලක්ෂ 40 ක වන්දි මුදල් පිරිනමා තිබෙනවා.
The post හදුනා නොගත් රිය අනතුරු වලින් මියගිය අය වෙනුවෙන් ගෙවන වන්දි මුදල් වැඩිකෙරේ appeared first on ITN News.
Post a Comment