පොළොන්නරුව බෞද්ධ සංගමය 59 වරටත් සංවිධාන කළ මහාබත් දන්සැල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදීයී.
ඓතිහාසික පොලොන්නරුව පූජා නගරයට පොසොන් පොහොයට පැමිනෙන ජනතාව ඉලක්ක කරගනිමින් සෑම වර්ෂයකදීම මෙම දන්සැල සංවිධාන කෙරෙනවා. භික්ෂූන්වහන්සේ 60 නමකට දානය පූජා කිරීමෙන් අනතුරුවයි දන්සැල ආරම්භ කෙරුණේ. පුරාණ රජ දවසේ සිට දේශය ගොඩඩ නැගීම සඳහා කැපවූ හෙළ රජ දරුවන් සිහි කරමින් පිං අනුමෝදන් කිරීමක්ද සිදු කෙරුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, වයඹ ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොලොන්නරුව නගරාධිපති චානක සුගත් රණසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post පොළොන්නරුව බෞද්ධ සංගමය 59 වරටත් සංවිධාන කළ බත් දන්සැල විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment