අකුරැස්ස ඌරුමුත්ත ප්‍රදේශයේ පසුගියදා සිදු කෙරුණු වැටලීමකදී පොලිස් නිළධාරියෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගියදා මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් කණ්ඩායමකට මෙම සැකකරු වෙඩි තැබූ අතර එහිදී පොලිස් කොස්තාපල් කසුන් සම්පත් මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඉන්පසුව පළාගොස් සැගවී සිටි ඔහු සොයා ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අද උදෑසන ඔහු සැගවී සිටින ස්ථානයට පොලිස් කණ්ඩායමක් ළගා වූ අතර එහිදී ඔහු එම පොලිස් කණ්ඩායම වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ප්‍රති ප්‍රහාර හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
The post පොලිස් නිළධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුට වැඩ වරදී appeared first on ITN News.
Post a Comment