Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරණ දඬුවමට එරෙහිව පෙත්සම් 12 ක්  

Add comments

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අභියෝගය ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනු කර තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු  12 දෙනෙකුයි එම පෙත්සම් ගෙනු කර ඇත්තේ.

සිරකරුවන් හතර දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය බන්ධනාගාර කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මඟින් ක්‍රියාත්මක කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා. මේ තුළින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ඔවුන්ගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන පරිදි සියලු දෙනා නීතිය ඉදිරියේ එක සමාන බවට වන මූලික අයිතිවාසිකම අදාළ තීරණය තුළින් උල්ලංඝනය වන බවට ප්‍රකාශයට පත් කරන ලෙසයි පෙත්සම්වලින් ඉල්ලා ඇත්තේ.

මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට තමන් එරෙහි වන බවයි. වසර 43 ක් තිස්සේ ක්‍රියාත්මක නොවූ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමක්  මෙන්ම කෘෘර ක්‍රියාවක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මරණ දඬුවම නියමව සිටින 1299 දෙනෙකුගෙන් 48 දෙනෙකු මත්ද්‍රව්‍යවලට වැරදිකරු වූවන් බව ද එම සංවිධානය පවසනවා.

The post මරණ දඬුවමට එරෙහිව පෙත්සම් 12 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG