ඉන්දියාවේ මුම්බායි නගරයට බලපා ඇති වර්ෂා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා මතුව තිබෙනවා.
දුම්රිය මාර්ග ජලයෙන් යට වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු තාවකාලිකව ප්‍රමාද කර තිබෙනවා. ඊයේ සවස් කාලයේදී මුම්බායි නගරයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබුණු අතර සවස් කාලය වන විට මිලිමීටර් 360ක පමණ වැසි ඇද හැලුණා. මේ හේතුවෙන් මුම්බායි හා බටහිර ප්‍රදේශ දක්වා වන දුම්රිය ගමන් තාවකාලිකව නතරකර දමා තිබෙනවා. සිදුව ඇති වාහන තද බදය නිසා රැකියා ස්ථාන වලට නියමිත වේලාවට ගමන් කිරීමට නොහැකිව බොහෝ පිරිසක් රැදී සිටින අයුරුද දක්නට ලැබුණා.
The post මුම්බායි නගරයට බලපා ඇති වර්ෂා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා appeared first on ITN News.
Post a Comment