ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ මෙක්සිකෝ විදේශ අමාත්‍යවරයා අතර හමුවක් සිදුවුණා.
මෙක්සිකෝ දේශසීමාව හරහා ඇමරිකාවට සංක‍්‍රමණිකයන් ඇතුලුවීම නැවැත්වීමට ඔවුන් සිදුකරන මෙහෙයුම්වල පැහැදිලි ප‍්‍රගතියක් පෙන්නුම් කරන බවයි එහිදී රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ. අද සිට මෙක්සිකෝ අපනයන භාණ්ඩ සඳහා පනවා ඇති අතිරේක තීරු බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මයික් පොම්පියෝ අදහස් පළකර තිබෙනවා. මෙක්සිකෝ භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ඇමරිකාවට ඇතුලුවීමේදී පනවා තිබු ඇතැම් කොන්දේසි ද ලිහිල් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එහෙත් දින 90 ක් ඇතුලත මෙක්සිකෝ දේශසීමාව හරහා ඇමරිකාවට සංක‍්‍රමණිකයන් ඇතුලුවීම දැඩිව පාලනය කළයුතු බව ද ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. දේශසීමා අර්බුදයට වඩා ගැඹුරු සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවයි හමුවෙන් පසු සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළේ. මෙක්සිකෝ විදේශ අමාත්‍යවරයා ද හමුව සම්බන්ධයෙන් ධනාත්මකව අදහස් පළකර තිබෙනවා.
The post ඇමරිකාවෙන් මෙක්සිකෝවට සහන appeared first on ITN News.
Post a Comment