විද්‍යාව , තාක්‍ෂණය හා පර්යේෂණ ප්‍රමුඛත්වය දිය යුත්තේ මිනිසාගේ පැවැත්මට සහ යහපතට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශිල්ප සේනා සමාප්ති උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.
විද්‍යා , තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ශිල්ප සේනා ප්‍රදර්ශනය දින 4 ක් පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අද එහි සමාප්ති උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගත වූ දින හතරක කාලය පුරා ලක්‍ෂ 7 කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියා. එහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ මීළඟ ශිල්ප සේනා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ හම්බන්තොටදී බවයි.
අනතුරුව ජනාධිපතිතුමා ප්‍රදර්ශන භූමියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. ශිලප සේනා ප්‍රදර්ශනය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ITN මාධ්‍ය ජාලයයි.
The post විද්‍යාව හා තාක්‍ෂණය මිනිසුන්ගේ යහපතට යොදා ගත යුතුයි – ජනපති කියයි appeared first on ITN News.
Post a Comment