Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යළි ඇමති ධුර ගන්නා මුස්ලිම් මන්ත්‍රීවරුන්  

Add comments

මුස්ලිම් මන්ත්‍රීවරුන් අද පස්වරුවේ යළිත් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට තීන්දුකර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණය ගෙන තිබෙනවා.

අමාත්‍ය ධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ සවස අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මන්ත්‍රීවරුන්ට යළිත් අමාත්‍යධුර ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව අද පස්වරුවේ යළි අමාත්‍ය ධූර දිවුරුම් දීමට මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කෙරෙන පරීක්ෂණවලට මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් බලපෑම් එල්ල වන බවට ඇතැම් කණ්ඩායම් කළ චෝදනා එල්ල වුණා.  පසුව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට අනුව මුස්ලිම් අමාත්‍යවරුන් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වුණා. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතෙක් අමාත්‍ය ධූර භාර නොගැනීමට පොදු තීන්දුවක් ගත්තද කබීර් හෂීම් සහ එම් එච් ඒ හලීම් යන මන්ත්‍රීවරුන් යළි අමාත්‍යධූරවල දිවුරුම් දුන්නා.

පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා,

 

The post යළි ඇමති ධුර ගන්නා මුස්ලිම් මන්ත්‍රීවරුන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG