නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුලු 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පැවරුවා. ඒ කොළඹ මහාධිකරණය හමුවේයි.
සකුරා නමැති මෙම ඇත් පැටවා පිරිමි ඇත් පැටවෙකු බවට ලියාපදිංචිය සඳහා වන ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර තිබුණ ද වනජීවී නිලධාරීන්ගේ සටහන්වල තිබී ඇත්තේ ඇතින්න පැටවෙකු බවයි. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු හා ඇත්පැටවාගේ මුල් අයිතිකරු මෙහි සෙසු විත්තිකරුවන් වනවා.
The post අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියකට කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් ඇතුලු හතරකට නඩු appeared first on ITN News.
Post a Comment