Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේවාරම්භක පුහුණුව නිම කළ නවක ක්‍රීඩා පුහුණුකරුවන් පාසල් වෙත ස්ථානගත කර අවසන්  

Add comments

පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාව වර්ධනය කිරීමත්, මනා පෞරුෂයකින් යුත් සමාජයානුයෝගී පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිකිරීමත් අරමුණු කරගනිමින්, පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතිය වෙත බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් යටතේ පසුගිය දා පියවර ගැණිනි.

ඒ අනුව ඉතිහාසයේ පළමුවරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් විවිධ ක්‍රීඩා ඉසව් තුළින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයින් 3388 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ‍ ලෙස අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගනු ලැබූ අතර, ඔවුන් අදියර දෙකක් යටතේ සේවාරම්භක පුහුණුවකට යොමු කරන ලදී.

ඒ අනුව, පසුගිය අප්‍රේල් මාසයේ දී අධ්‍යාපන පද්ධතිය වෙත අලුතින් බඳවාගත් එම පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතරින් පළමු අදියරේ දී පුහුණුව අවසන් කළ 3365 දෙනෙක් පාසල් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ස්ථානගත කිරීම 2019-07-29 දින සිදුකෙරිණි.

මෙම ක්‍රීඩා පුහුණුකරුවන් ස්ථානගත කිරීමේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 500ට වැඩි පාසල් සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් හා භාෂා මාධ්‍යය කෙරෙහි සැලකිලිමත් වෙමින් අදාළ පාසල් ලබාදීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වෙත දැනුම් දී තිබේ.

මෙම ස්ථානගතකිරීම්වල දී ක්‍රීඩා පුහුණුකරුවෙකුට කිසියම් ගැටළුවක් මතුව ඇත්නම්, ඔවුන්ගේ අභියාචනා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීමට ද අවස්ථාව සලසා ඇති අතර, මී ළඟ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම අභියාචනා සලකා බැලීමට ද කටයුතු කරනු ඇත.

The post සේවාරම්භක පුහුණුව නිම කළ නවක ක්‍රීඩා පුහුණුකරුවන් පාසල් වෙත ස්ථානගත කර අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG