Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය ත‍්‍රස්තවාදය විමර්ශනය කරන බව ඇමරිකාව කියයි  

Add comments

ත‍්‍රස්තවාදය පිළිබඳව විමර්ශනය කරන බව ඇමරිකා බලධාරින් පවසනවා. ටෙක්සාස් හා ඔහියෝ වෙඩි තැබීමේ සිද්ධීන්වලින් පසු ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ. ටෙක්සාස්හි එල්පාර්සෝ නගරයේ වෙඩි තැබීමෙන් 20 දෙනෙකු මියගොස් 26කට තුවාල සිදුවුණා.

ටෙක්සාස් ඉතිහාසයේ බියකරුම දිනයක් ලෙස එය සැළකිය හැකි බවයි ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. වෙඩි තැබීමට සම්බන්ධ 21හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැණුනා. ඔහියෝ ප‍්‍රාන්තයේ ඩේටන් නගරයේ සිදුවු අනෙක් වෙඩි තැබීමෙන් නව දෙනෙක් මියගොස් 16 දෙනෙකු තුවාල ලැබුවා. මිය ගිය අය අතර වෙඩි තැබූ පුද්ගලයාගේ සොහොයුරියකද වන බවයි ඇමරිකා මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඇමරිකා ගිනි අවි සංස්කෘතිය යළි අවධානයට ගතයුතු කරුණක් බව මෙම සිද්ධින් සම්බන්ධයෙන් අදහස් පළකළ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා. සමූහ වෙඩි තැබීම් වැළැක්වීම සඳහා නව ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේ.

The post දේශීය ත‍්‍රස්තවාදය විමර්ශනය කරන බව ඇමරිකාව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG