කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.
අබලන් ගොඩනැගිල්ලකයි කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ගියේ. ඒ සදහා මුල්ගල තැබීම අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා. එහි සියලු වැඩ නිම කර ජනතා අයිතියට පත් කිරීම අද පෙරවරුවේ සිදුකෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම පරණතිස්ස ස්වාමීන්වහන්සේ ද අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන / රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් appeared first on ITN News.
Post a Comment