පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඇලහැර වෙලන්කටව ශ්‍රී ශෛලගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සඝ සතු කෙරුණා.
විහාරාධිපති පූජ්‍ය දොඹවෙල ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි මෙම සංඝාවාසය ඉදි කෙරුණේ. වයාපෘතිය සදහා රුපියල් මිලියන තුනයි දශම හතරක මුදලක් වැය කර තිබෙනවා. සියලු ඉදිකිරීම් සදහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post ශ්‍රී ශෛලගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල සඝ සතුකෙරේ appeared first on ITN News.
Post a Comment