ජර්මනියේ දී සොයාගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැණුනා. එය ටොන් 5 කට ආසන්න බවයි ජර්මන් බලධාරීන් සදහන් කරන්නේ.
මත්ද්‍රව්‍ය තොගය උරුගුවේ සිට බෙල්ජියම දක්වා රැගෙන යමින් තිබියදී ජර්මනියේ හැම්බර්ග් වරායේදී අත්අඩංගුවට ගැණුනා. එම කන්ටේනරය සෝයා බෝංචි ලේබලය සහිතව තිබූ බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.
කලු පැහැති බෑග් දෙසීයකට වැඩි ප්‍රමාණයක මෙම කොකේන් තොගය අසුරා තිබෙනවා. මෙහි වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියනයකට අධික බවයි ජර්මන් බලධාරීන් සදහන් කරන්නේ. මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර මේවා විනාශ කිරීමේ කටයුතු රහසිගතව සිදුකෙරෙනවා.
The post ජර්මනියේ විශාලතම කොකේන් තොගය අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment